Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 20:9 - Sinhala Revised Old Version

9 එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එබැවින් ඔහු බෙන්‍-හදද්ගේ පණිවුඩකාරයන්ට කතා කොට, “ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා එවූ සියල්ල ම කරන්නෙමි, එහෙත්, මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වන රජතුමා හට දන්වන්නැ”යි කී ය. පණිවුඩකාරයෝ ද පිටත් ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එබැවින් ඔහු බෙන්‍-හදද්ගේ පණිවුඩකාරයන්ට කතා කොට, “ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා එවූ සියල්ල ම කරන්නෙමි, එහෙත්, මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වන රජතුමා හට දන්වන්නැ”යි කී ය. පණිවුඩකාරයෝ ද පිටත් ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:9
3 හුවමාරු යොමු  

එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:


බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.


සියලු වැඩිමහල්ලෝද මුළු සෙනඟද කථාකොට: ඔබ ඇහුම්කන් නුදුන මැනවි, ඊට එකඟනූන මැනවියි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්