ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
1 රාජාවලිය 12:4 - Sinhala Revised Old Version ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. Sinhala New Revised Version ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. Sinhala New Revised Version 2018 ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. |
ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.
සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.
එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.
මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.