ක්‍රියා 14:27 - Sinhala Revised Old Version ඔව්හු ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ලද අන්‍යජාතීන්ට උන්වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්වුවෝය. Sinhala New Revised Version එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. සිංහල කාලීන පරිවර්තනය එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළිකර දුන් අයුරු ද විස්තර කළහ. Sinhala New Revised Version 2018 එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. |
ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.
එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය.
මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,
මක්නිසාද පළමුකොට නුඹලා සභාවෙහි රැස්වන කල, නුඹලා අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.
එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?
නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
එනම්, අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ බලය ඇතුව රැස්වුණාම,
තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,