Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:10 - Sinhala Revised Old Version

10 එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:10
11 හුවමාරු යොමු  

නුමුත්: මළවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ප්‍රකාර ශරීරයක් ඇතුව එද්දැයි යමෙක් අසනවා ඇත.


එබැවින් ඔව්හු: ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය.


නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය.


එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය.


නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය.


ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය.


සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භිණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය.


තවද ඔව්හු: නුඹ ඔහුගේ මුඛයෙන් අසා මේ සියලු වචන ලියුවේ කොහොමදැයි අපට දන්වන්නැයි කියා බාරුක්ගෙන් ඇසුවෝය.


ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක.


සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය.


ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා–නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්