සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.
2 රාජාවලිය 5:14 - Sinhala New Revised Version එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. Sinhala New Revised Version 2018 එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. Sinhala Revised Old Version එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. |
සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.
එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය.
එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය.
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.
මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,
එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත; ඔහු යළි සිය නව යොවුන් වියට පැමිණෙනු ඇත.
යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.
ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.
දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක.
උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.
උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!