2 රාජාවලිය 21:1 - Sinhala New Revised Version මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හෙප්ශිබා ය. Sinhala New Revised Version 2018 මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පනස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හෙප්ශිබා ය. Sinhala Revised Old Version මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය. |
හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.
සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි.