Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:10 - Sinhala New Revised Version

10 හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 හෙසකියා මනස්සේගේ පියා ය. මනස්සේ, ආමොන්ගේ පියා ය. ආමොන්, යොසියාගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:10
8 හුවමාරු යොමු  

හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.


හෙසකියා මියගියේ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.


උන් වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, “එම්බා පූජාසනය, පූජාසනය, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජොසියා නම් පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, කඳු මත පූජාස්ථානවල සුවඳ පූජා ඔප්පු කරන පූජකයන් මේ පූජාසනය පිට පූජා කරන්නේ ය; මිනීඇට ද තා පිට දවනු ලබන්නේ ය’ ”යි පැවසී ය.


උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද,


බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්