එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය.
2 රාජාවලිය 12:8 - Sinhala New Revised Version පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්නටත්, මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නටත් එකඟ වූ හ. Sinhala New Revised Version 2018 පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්නටත්, මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නටත් එකඟ වූ හ. Sinhala Revised Old Version පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්ටත් ගෘහයේ කැඩුම් හරි නොගස්සන්ටත් එකඟවූවෝය. |
එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය.
එහෙත්, පූජක වූ ජෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ එය තැබී ය. තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් සියල්ල ම දොරටු පාලකයන් වන පූජකයෝ එහි දැමූ හ.
“ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න.