ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී,
2 රාජාවලිය 10:13 - Sinhala New Revised Version ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ. Sinhala New Revised Version 2018 ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ. Sinhala Revised Old Version යූදාහි රජවූ අහසියාගේ සහෝදරයන් යේහුට සම්බවී: නුඹලා කවුරුදැයි ඇසුවේය. අපි අහසියාගේ සහෝදරයෝය. රජුගේ පුත්‍රයන්ටත් බිසවගේ පුත්‍රයන්ටත් ආචාරකරන්ට යමුයයි ඔව්හු කීවෝය. |
ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී,
ඔහු ද, “ඔවුන් පණපිටින් අල්ලාගන්නැ”යි කී ය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මිනිසුන් සතළිස්දෙදෙනෙකු වන ඔවුන් බෙත්-එකෙද් නම් ළිඳ ළඟ දී මැරූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඔහු ඉතිරි කෙළේ නැත.
ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.
ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.
ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.