ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
1 රාජාවලිය 1:36 - Sinhala New Revised Version එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා! Sinhala New Revised Version 2018 එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා! Sinhala Revised Old Version එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේක්වා. |
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය.
එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”
සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.
දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!
ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.
එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, “එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.
“එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා!
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද?
ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා!