ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
ක්‍රියා 7:31 - Sinhala New Revised Version මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, සිංහල කාලීන පරිවර්තනය ඒ දැකුමෙන් විස්මිත වූ මෝසෙස් වඩා හොඳින් එය නරඹන පිණිස, ඒ අසලටම ගියේ ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ ඔහුට ඇසිණි. Sinhala New Revised Version 2018 මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, Sinhala Revised Old Version මෝසෙස් ඒ දැක, දර්ශනයට පුදුමව, බලන පිණිස ළඟට ගිය කල: |
ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
“සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය.
‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය.