තෝබිත් 3:10 - Sinhala New Revised Version 2018 එදින ඈ ඉතා දුක් වී, සුසුම් ලා එල්ලී මැරෙන්නට ඉටාගෙන තම පියාගේ කාමරයට ගියා ය. එහෙත් ඈ කල්පනා කරමින්, “හොඳයි, මිනිසුන් මාගේ පියාට දොස් පවරන්නට පුළුවන. තවද, ඔවුන් කතා කොට, ඔබට හිටියේ ඔබ ප්‍රේම කළ එක ම දියණිය යි. දැන් ඇය ද ඉතා දුකින් එල්ලී මැරුණා ය” කියා කියන්නට පුළුවන. “මාගේ පියාගේ මහලු වියේ දී ඔහු පාතාල ලෝකයට යැවීමට ඔහුට දුක් දීම මට කළ නොහැක්කකි. එල්ලී මියයාම හොඳ දෙයක් නොවේ. තවදුරටත් අපහාස විඳිමින් ජීවත් නොවී මට මියයාම සලස්වන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදිමි”යි සිතුවා ය. |