ඒ එළු පැටියා මාගේ ගෙදරට ආ විට කෑගසන්නට ගත්තේ ය. එවිට මම මාගේ බිරිඳ අමතා, “මේ සතා ආවේ කොහින් ද? හොඳයි, ඌ හොරකම් කළ එකෙක් නම්! අයිතිකාරයාට ඉක්මනට ආපසු දෙන්න. හොරාගත් බඩු කෑමට අපට අයිතියක් නැතැ”යි කීවෙමි.