ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 4:43 - Sinhala New Revised Version 2018

ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ මෙහෙකරුවා: කිමෙක්ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්ටදැයි කීවේය. එහෙත් ඔහු: ඒවා සෙනඟට කන්ට දෙන්න; මක්නිසාද–ඔවුන් කා ඉතුරුකරනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 4:43
15 හුවමාරු යොමු  

මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මාගේ බලයට සීමා තිබේ ද? මා කියන දේ වන්නේ ද නොවන්නේ ද? කියා නුඹ දැන් දකිනු ඇතැ”යි වදාළ සේක.


හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ.


හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ.


“රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. “සතක්” යයි ඔව්හු කී හ.


උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහෙන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය.


උන් වහන්සේ, “ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. “අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ.


සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.


“යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.