Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:43 - Sinhala Revised Old Version

43 ඔහුගේ මෙහෙකරුවා: කිමෙක්ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්ටදැයි කීවේය. එහෙත් ඔහු: ඒවා සෙනඟට කන්ට දෙන්න; මක්නිසාද–ඔවුන් කා ඉතුරුකරනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:43
15 හුවමාරු යොමු  

එහෙත් උන්වහන්සේ: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.


සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය.


යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.


සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.


රොටි සත සාර දහස අතරේ බෙදාදුන් විට කැබෙලිවලින් කූඩා කීයක් පුරවාගත්තහුදැයි ඇසූසේක. සතකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.


සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කූඩා සතක් පුරවා ගත්තෝය.


උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය.


මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්