එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
2 රාජාවලිය 1:9 - Sinhala New Revised Version 2018 එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය. Sinhala New Revised Version එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය. Sinhala Revised Old Version එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය. |
එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.
මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.
ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන,
එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය.
ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.
මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.
අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.
තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ.
මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, “හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන
අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.
උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.
ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.