ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:1 - Sinhala New Revised Version 2018

ආරොන්ගේ පුත්‍රයන්ගේ කාණ්ඩ මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආරොන්ගේ පුත්‍රයන්ගේ පංති මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:1
16 හුවමාරු යොමු  

දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් කාණ්ඩවලට බෙදුවේ ය.


පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;


ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.


හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කාණ්ඩවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ කාණ්ඩ නියම කෙළේ ය.


එතැන සිටි සියලු පූජකයෝ කවර කාණ්ඩයට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.


ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.


“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.


ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.


ආරොන්ට දාව නාදාබ් සහ අබිහු ද, එලෙයාසර් සහ ඊතාමාර් ද උපන්හ.


ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම වනාහි ඔහුගේ කුලුඳුලා වූ නාදාබ් සහ අබීහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.