මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
1 රාජාවලිය 22:20 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය. |
මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.
එවිට මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.
“දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.