ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.
1 රාජාවලිය 2:40 - Sinhala New Revised Version 2018 ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය. Sinhala New Revised Version ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය. Sinhala Revised Old Version ෂිමෙයි නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමාගේ වැඩකාරයන් සොයන්ට ගාත්හි ආකීෂ් වෙතට ගියේය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිට තමාගේ වැඩකාරයන් ගෙනායේය. |
ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.
එහෙත්, තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වහල්ලු දෙදෙනෙක් ගාත් නම් ස්ථානයෙහි රජු වන මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියෝ ය. එවිට, “ඔබේ වහල්ලු ගාත්හි සිටිති”යි ෂිමෙයිට දන්වන ලදී.
“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළ සේක;
මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.