ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
1 රාජාවලිය 2:29 - Sinhala New Revised Version 2018 ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, “මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, “ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. Sinhala New Revised Version ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, “මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, “ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. Sinhala Revised Old Version යෝවාබ් ස්වාමීන්වහන්සේගේ කූඩාරමට පලාගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සාලමොන් රජුට දන්වනලද්දේය. එවිට සාලමොන්: නුඹ ගොස් ඔහු මරන්නැයි කියා යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය. |
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.
එවිට රජ බෙනායාට කතා කොට, “ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත.
මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.
එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.
විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද?