ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නොදකින පිණිස ය.
1 රාජාවලිය 1:9 - Sinhala New Revised Version 2018 අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය. Sinhala New Revised Version අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය. Sinhala Revised Old Version අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය. |
ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නොදකින පිණිස ය.
තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත.
මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.
යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.
ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය.
එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.