ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
ක්‍රියා 5:26 - Sinhala New Revised Version 2018 දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් අපෝස්තුළුවරුන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් අපෝස්තුළුවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ. Sinhala New Revised Version දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් ප්‍රේරිතයන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් ප්‍රේරිතයන්ට කිසි හිරිහැරයක් නොකළහ. සිංහල කාලීන පරිවර්තනය එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි. Sinhala Revised Old Version එවිට අධිපතියා සේවකයන් සමඟ ගොස්, බලාත්කාර නොකොට ඔවුන් ගෙනාවෝය; මක්නිසාද සෙනඟ ගල් ගසතියි කියා ඔව්හු භයවූවෝය. |
ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හෙයින් සමූහයාට මුහුණ දීමට අපට නො හැකිවනු ඇත” යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට, බියෙන්, “අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට උත්තර දුන්හ.
එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.
නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.
‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයකු ලෙස මුළු ජනතාව විශ්වාස කරන බැවින්, ඔවුන් අපට ගල් ගසනු ඇතැ”යි කියා,
නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය.
ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය.
සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ.
දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ.
එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය.