සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
ක්‍රියා 2:34 - Sinhala New Revised Version 2018 එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි. Sinhala New Revised Version එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි. සිංහල කාලීන පරිවර්තනය මන්ද දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, Sinhala Revised Old Version මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් |
සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කී ය.
මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.
දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද?