ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 12:3 - Sinhala New Revised Version 2018

ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් පූප වළඳන දවස් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එය යුදෙව්වන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතරතුර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 12:3
18 හුවමාරු යොමු  

මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.


නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.


නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.


මන්ද, ඔව්හු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇලුම් වූ හ.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.


“ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක.


ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය.


එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.


නුමුහුන් පූප මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.


එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.


එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, “ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය.


උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය.


මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.


එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු.