පුරාණ කාලේ දෙවියන් වහන්සේට පූජා කරන්න සත්තු බිලි දෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් බයිබලයේ ඒ වගේ පූජා ප්‍රතික්ෂේප කරන, සතුන්ට කරුණාව දක්වන්න කියන තැන් ඕන තරම් තියෙනවා. හිතන්න, හිතෝපදේශ 12:10 බලන්නකෝ, "ධර්මිෂ්ඨයා තමාගේ සතාගේ ප්‍රාණය ගැන සැලකිලිමත් වේ. නමුත් දුෂ්ටයාගේ සිත කෲරයි" කියලා තියෙනවා.
දෙවියන් වහන්සේගේ වචනයේ සතුන් ගැන ආරක්ෂාව ගැනත් කතා කරනවා. අනාගතවක්තෘවරුන්ගේ පොත් හොඳට කියවලා බැලුවොත්, සතුන්ට කරුණාව දක්වන්න කියලා ඕන තරම් තැන් හොයාගන්න පුළුවන්. හොෂෙයා 8:13 බලන්නකෝ, "ඔවුන්ගේ පූජාවන්ද මස් කෑමද මට පිළිකුලකි. ස්වාමීන්වහන්සේ ඒවායෙන් සතුටු නොවේ. ඔවුන්ගේ අපරාධ මතක තබාගෙන ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නේය" කියලා තියෙනවා.
තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?
පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය. නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය. තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය. කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය. එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය. නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය. ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය. තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා. දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාලකරනසේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය. නෝවා ජලගැලීමට පසු තුන්සිය පනස් අවුරුද්දක් ජීවත් විය. නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය. එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම නුඹලාට දුනිමි.
සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක.
නුඹේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් නුඹ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය. නුඹට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට නුඹ ඔහුට උදව්විය යුතුමය.
වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; නුඹේ ගව රැළවලට සිත යොමුකරන්න. මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද? තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය. බැටළු පැටව් නුඹේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති, නුඹේ කෑමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කෑමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.
ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.
සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
නුඹේ සහෝදරයාගේ ගොනා හෝ ඔහුගේ බැටළුවා හෝ මුළාව යනවා නුඹ දුටු විට උන්ගෙන් මගනෑර උන් නැවත නුඹේ සහෝදරයා ළඟට නුඹ විසින් ගෙනයා යුතුමය. ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න. ලෝම සහ පුළුන් ආදී දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍රවූ වස්ත්‍රයක් ඇඳනොගන්න. නුඹේ පොරවන සළුවේ සතර කොනේ දාවලු සාදාගන්න. මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට: මම මේ ස්ත්‍රිය පාවාගතිමි; ඈ කරා එළඹුණු කල්හි කන්‍යාභාවයෙහි ලකුණු ඈ කෙරෙහි සම්බනොවීයයි නින්දිත වැරදි ඈ කෙරෙහි තබා ඈට විරුද්ධව නරක නාමයක් පතළකළොත්, ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා. එවිට යෞවනීගේ පියා කථාකොට: මම මාගේ දුව මේ මනුෂ්‍යයාට භාර්යාවකොට පාවාදුනිමි, නුමුත් ඔහු ඈට වෛරවී– නුඹේ දුවගේ කන්‍යාකමේ ලකුණු නුදුටිමියි කියමින් නින්දිත වැරදි තබයි; එහෙත් මාගේ දුවගේ කන්‍යාකමේ ලකුණු මේයයි වැඩිමහල්ලන්ට කියාවා. එවිට ඔව්හු නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි වස්ත්‍රය දිගඅරිත්වා. ඒ නුවර වැඩිමහල්ලෝද ඒ මනුෂ්‍යයා අල්ලා ඔහුට දඬුවම්කර, ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය. නුඹේ සහෝදරයා නුඹට ළංව නැත්නම්, නොහොත් නුඹ ඔහු නාඳුනනවානම්, ඌ නුඹේ ගෙදරට ගෙනයන්න. නුඹේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ නුඹ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න. එහෙත් ඒ කාරණය වන යෞවනියගේ කන්‍යාකමේ ලකුණු සම්බනූණ බව සැබෑනම්, ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න. පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න. පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්, ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න. එහෙත් විවාහබස්දී සිටින යෞවනිය ඒ මනුෂ්‍යයාට කෙතේදී සම්බවී ඔහු ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකරන්නේ නම්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා පමණක් මරනු ලබන්නේය. නුමුත් යෞවනියට කිසිවක් නොකරන්න; මරනු ලැබීමට සුදුසු පාපයක් යෞවනී කළේ නැත. මේ කාරණය වනාහි මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව නැගිට ඔහු මරා දැමීම හා සමානය. මක්නිසාද ඈ කෙතේදී ඔහුට සම්බවිය: විවාහ බස් දී සිටි ඒ යෞවනිය මොරගැසූ නුමුත් ඈ ගළවන්ට කිසිවෙක් නොසිටියේය. විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය. ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; නුඹේ සහෝදරයාගෙන් නැතිවුණාවූ නුඹට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. නුඹ එයින් මගනෑරිය යුතුය. මනුෂ්‍යයෙක් තම පියාගේ භාර්යාව පාවා නොගත යුතුය, තම පියාගේ යහන් වස්ත්‍රයද ඉවත් නොකළ යුතුය. නුඹේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා මග වැටී ඉන්නවා දුටු විට ඌ කෙරෙන් මග නෑර, නැවත උන් නැගුටුවන පිණිස ඔහුට නුඹ විසින් උදව්විය යුතුමය.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය; සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.
පැටවුන් හෝ බිත්තර ඇති පක්ෂි කූඩුවක් ගසකවත් බිමවත් තිබී නුඹට මගදී සම්බවුණොත්, මව පැටවුන් පිට නොහොත් බිත්තර පිට සිටින්නීනම්, පැටවුන් සමඟ මව අල්වා නොගන්න. නුඹට ශුභ සිද්ධවන පිණිසද නුඹේ දවස් වැඩිවන පිණිසද කෙසේ නමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
නුඹට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට නුඹ ඔහුට උදව්විය යුතුමය.
වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය. එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.
මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.
එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.
උන්වහන්සේ ඔවුන්ට කථාකරමින්: නුඹලාගෙන් කවරෙකුගේවත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේදී ළිඳක වැටුණොත් එකෙණෙහිම ඌ ගොඩට ඇදගන්නේ නැද්දැයි ඇසූසේක.
ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.
මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය.
එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.
ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය. අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට කථාකොට: නුඹේ කොටළුදෙනට නුඹ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? නුඹේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි. කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය.
එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.
ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය.
දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.
පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව නුඹට දැනගන්ට පුළුවන්ද? කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද? උගේ ශක්තිය මහත් බැවින් නුඹ ඌ විශ්වාසකර, නුඹේ වැඩ ඌට භාරදෙන්නෙහිද? ඌ නුඹේ අස්වැන්න ගෙනැවිත් නුඹේ පාවරට එකතුකරනවා ඇත කියා නුඹ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද? පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද? නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර, ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය. උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත; මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක. ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය. නුඹ අශ්වයාට වෙර දුන්නෙහිද? ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළඳෙවුවෙහිද? උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට නුඹට පුළුවන්ද? උන් බිහිකරන කාලය නුඹ දන්නවාද? ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය. ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය. ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය. ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය. සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර, ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි. උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ නුඹේ නුවණින්ද? නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද? ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය. එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය. උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති. උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක. උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද; ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.