යාකොබ් 5:16 හි බයිබලයේ මෙසේ සඳහන් වෙනවා, "ඔබ එකිනෙකාට ඔබගේ වැරදි පාපොච්චාරණය කර, සුවය ලබන්න එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨයෙකුගේ ඵලදායී යාච්ඤාවට බොහෝ දේ කළ හැකියි." කවදාවත් ඔබට දැනිලා තියෙනවද අපි අපේම අවශ්‍යතා ගැන ඕනෑවට වඩා සිතමින් අප අවට සිටින අයගේ අවශ්‍යතා අමතක කරන බව? අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමෙන්, ඇත්තටම අපි අප වෙනුවෙන්ම යාච්ඤා කරනවා වගේ. මොකද අපි අන් අය වෙනුවෙන් මැදිහත් වෙනකොට, දෙවියන් වහන්සේ අපේ ඉල්ලීම් අසා අප වෙනුවෙන් ක්‍රියා කරනවා.
ඔබ දෙවියන් වහන්සේ සතුටු කරන සිතක් ඇති කර ගන්න කැමති නම්, ඔබේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත ගැන නොසැලකිලිමත් වෙන්න එපා. අපි අපවම ප්‍රේම කරනවා වගේ අන් අයටත් ප්‍රේම කරන්න කියලා දෙවියන් වහන්සේ අපට කියනවා. ඒ නිසා අප අවට සිටින අයගේ දුක සහ වේදනාව අ無視 කරන්න බෑ. දුක් විඳින අයට දෙවියන් වහන්සේගේ පිළිතුර වෙන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය සුව කිරීමට සහ සැනසීමට ගලා යන මාර්ගය වෙන්න. ඔබ තනි වෙන්න එපා. දුක් විඳින අයට අනුකම්පා කරන්න. අඬන අය සමඟ අඬන්න. යේසුස් වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරන්න. ඔබ තුළින් බොහෝ දෙනෙකුට ගැලවීම සහ නිදහස සොයා ගන්න පුළුවන්.
අපේ සිතට එන සෑම අවස්ථාවකදීම සහ සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම යාච්ඤා කරමු. ඒ වගේම අපේ ඇදහිල්ලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මැදිහත් වෙමු. අපේ දිව්‍ය වචනය අපට උගන්වන දේ ප්‍රාක්ටිකව කරමු. එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා මම ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා.
ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.
මම ඔවුන් ගැන යාච්ඤාකරමි; ලෝකයා ගැන යාච්ඤා නොකරමි; නුමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාච්ඤාකරමි; මක්නිසාද ඔව්හු ඔබගේය.
ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.
නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.
එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.
නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.
ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා.උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය;තවද ආදම් රැවටුණේ නැත, නුමුත් ස්ත්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය.නුමුත් ඔව්හු විනීත භාවයෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ශුද්ධකමෙහිත් පවතින්නෝ නම්, දරුවන් බිහිකිරීමේදී ගැළවෙනවා ඇත.සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.
එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී,
කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය.
නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.
සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්,
එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,
ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.
තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමීනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය.
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;
තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්,මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය.පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන,නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.
යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.
ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;තවද මා විසින් කථාකළයුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස,
මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද,ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා,උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන,එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.
නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.
එබැවින් අපගේ දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් කරුණාව ලෙස නුඹලා තුළ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද උන්වහන්සේ තුළ නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස,
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා:මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;ශුද්ධස්ථානයෙන් නුඹට පිහිට එවනසේක්වා, සියොන්හි සිට නුඹ ශක්තිමත් කරනසේක්වා;
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.
අප දුර්වලව නුඹලා බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද නුඹලාගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්,අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
අමුතු ධර්ම නූගන්වන හැටියටද, ප්‍රබන්ධත් ඇදහිල්ලෙහිවූ දෙවියන්වහන්සේගේ මාර්ගය වර්ධනයකිරීම වෙනුවට විවාද උපදවන,
මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.