Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

107 බයිබලයේ සිනහව පිළිබඳ පද

107 බයිබලයේ සිනහව පිළිබඳ පද

ඔයාගේ ජීවිතයේ කොහොම කාලෙකදී වුනත්, සැබෑ සිනහවක් හදින්න එක හොඳ දෙයක්. ඒ වගේම අනිත් අයටත් සිනහවක් ගේන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. හැබැයි හැමදේටම වගේ මේකෙත් සීමාවක් තියෙන්න ඕන. හොඳ වෙලාවට හොඳ තැනකදි සිනහවක් පානවන්න එක හොඳ දෙයක්. ඕනෑවට වඩා බරගතු වෙන එක වගේම ඕනෑවට වඩා සැහැල්ලු වෙන එකත් හරි නෑ. ඒ දෙක මැද්දෙ තමයි ජීවිතේ තියෙන්නෙ. ඒ වගේම තමයි දුකෙදි සිනහවකින් හිත හදාගන්න පුළුවන් වෙන එකත් ලොකු දෙයක්.

ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සහ ඔහුගේ පූජාව නිසා අපිට නිදහස ලැබිලා තියෙනවා. ඒ නිදහසේ සලකුණක් තමයි සිනහව. හදවතින්ම එන සැබෑ සිනහවකට කැළඹුණු හිතක් සනසන්න පුළුවන්. දුකේදීත් සිනහවෙන් ඉන්න, ඔයාගේ මැවුම්කරු ගැන සතුටු වෙන්න, ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ.

මම දන්නෙ නෑ ඔයා දැන් කොහොම තත්වෙකද ඉන්නෙ කියලා. ඒත් ඔයාගේ කඳුළු පිහදාගෙන, ඔළුව උස්සගෙන,ආයෙමත් සිනහවක් පාන්න කියලා මම ඔයාට කියන්න කැමතියි. යේසුස් වහන්සේ තුළ ඔයාට සතුටු වෙන්න ඕන තරම් හේතු තියෙනවා.




යෝබ් 8:21

උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 2:4

ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 5:22

විනාශයටත් කෑම හානියටත් නුඹ සිනාසෙන්නෙහිය; පොළොවේ මෘගයන්ටද භයනොවී සිටින්නෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:24

ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 126:2

එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:13

තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 16:11

ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:11

මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 3:4

අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 31:25

බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:4

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:8

ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 28:7

ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 21:6

දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:16-18

නිතරම ප්‍රීතිවෙන්න;නොකඩව යාච්ඤාකරන්න;සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 30:5

මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 30:11

ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 33:1

ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 7:6

මක්නිසාද සැළිය යට තිබෙන කටුදරවල ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්ඵලකමක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:5

ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 37:4

ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 42:5

එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 51:12

ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 68:3

නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 70:4

ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්‍රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 90:14

අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 92:4

මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 94:19

මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 95:1-2

එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 97:11-12

ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 98:4

පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 100:2

ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 126:5-6

කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 128:1-2

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය. නුඹ වාසනාවන්තවන්නෙහිය, නුඹට ශුභ සිද්ධවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 144:15

එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:13

ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 10:28

ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 12:25

මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 13:9

ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 14:13

සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 14:30

මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:15

දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:30

ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ; යහපත් ආරංචියෙන් ඇට තරවේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 16:20

දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 17:22

තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 21:15

යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 2:26

දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 3:12-13

ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි.තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 3:22

මෙසේ මනුෂ්‍යයා තමාගේ වැඩවලින් ප්‍රීතිවෙනවාට වඩා සැපයක් නැති බව දුටිමි; ඒක ඔහුගේ කොටසය. මක්නිසාද තමාට පසුව සිදුවන දේ දකින්ට ඔහු ආපසු ගෙනෙන්නේ කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 5:19

තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 7:14

සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 9:7

නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 12:2-3

බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 35:10

ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 51:11

ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 55:12

මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:3

සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 65:18-19

එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි.මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 15:16

ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 31:13

එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ශෙපනියා 3:17

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:12

ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:16-18

තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 9:2

එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 25:21

ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 28:8

එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 1:47

මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 6:21

දැන් බඩගිනි ඇති නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා සිනාසෙන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 10:20

එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 15:7

එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 15:10

එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:20

සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:22

එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 17:13

නුමුත් දැන් ඔබ ළඟට එමි; මා ලෝකයෙහිදී මේ දේවල් කථාකරන්නේ ඔවුන් මාගේ ප්‍රීතිය තමුන් තුළ සම්පූර්ණලෙස ලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:28

ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි කීය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 13:52

ගෝලයෝ වනාහි ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූහ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:2-3

අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:12

බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:17

මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:13

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:6

අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 7:4

නුඹලා කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, නුඹලා ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:22-23

නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:4

පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:18

එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 3:1

ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:7

එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:11

ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:16

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 1:6

නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:16

නිතරම ප්‍රීතිවෙන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 1:4

එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:2

උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:2-3

මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන,මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 5:13

නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:8

නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 4:13

නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:4

මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 5:11

නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 32:11

ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 97:1

ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; පොළොව ප්‍රීති වේවා; ද්වීප සමූහය සන්තෝෂවෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 106:1

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 149:2

ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 29:6

නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 8:15

එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 9:3

ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:8

ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම

මහිමය හා ගෞරවය සියල්ල ඔබ වහන්සේටම අයිතියි, පියාණෙනි. ඔබ වහන්සේගෙන් පමණක් මට මේ ලැබෙන සතුටට ස්තූතියි. මාව වෙනස් කර, නැවත යථා තත්ත්වයට පත් කර, වඩාත්ම වැදගත් දෙය නම් මාව ගලවා ගත්තාට ස්තූතියි. දුක් කරදර මැද්දේ වුවද, ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ ඵලය මා තුළ ප්‍රකට වේවා, මාගේ මුහුණේ ඇති සෑම සිනහවකටම ස්තූතිවන්ත වන හදවතක් සැමවිටම මට ලැබේවා. ස්වාමීනි, සිනහවේ සහ කඳුළු වල අවස්ථා දෙකම අත්විඳීමට ඉඩ දීම ගැන ස්තූතියි, මන්ද ඒ දෙකම මාගේ ජීවිතයේ අරමුණෙහි කොටසක් නිසා. සෑම දිනකම ඔබ වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමටත්, මගේ ලොකුම ප්‍රීතියේ හේතුව ඔබ වහන්සේ බව සැමවිටම මතක තබා ගැනීමටත් මට උපකාර කරන්න. මගේ ප්‍රීතිය තත්වයන් මත රඳා නොපවතින බවත්, එය ඔබ වහන්සේගේ ලස්සන පැමිණීම මත රඳා පවතින බවත් මට වැටහේවා. ඔබ වහන්සේගේ පොරොන්දු සිහිපත් කරමින්, ඔබ වහන්සේගේ වචනයේ "එවිට අපගේ මුඛය සිනහවෙන්ද, අපගේ දිව ප්‍රශංසාවෙන්ද පිරී යනු ඇත; මක්නිසාද ස්වාමින් වහන්සේ අප උදෙසා මහත් දේ කළ සේක" යනුවෙන් කියැවෙන දේ සිහිපත් කරමින් මම සෑම දිනකම ජීවත් වෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්.
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්