Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 9:13 - සිංහල කාලීන පරිවර්තනය

13 මන්ද මාංසයේ පවිත්‍ර වීමට, එළුවන්ගේ හා ගවයින්ගේ ලේ ද දවන ලද එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන් අපවිත්‍ර කෙනකු පවිත්‍ර කරනු ලැබේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 9:13
12 හුවමාරු යොමු  

ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.


සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.


මන්ද දහම් නීතියේ හැම ආඥාවක්ම මුළු මහත් ජනතාවට ප්‍රකාශ කළ පසු, මෝසෙස් වතුර ද රතු ලොම් ද හිසොප් ද සමඟ ගව ලේ හා එළු ලේ ගෙන, එම ලියවිල්ලත්, මුළු මහත් ජනතාවත් පිට ඒවා ඉස්සේ,


මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත්ම කළ නො හැක්කකි.


ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්