Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 8:8 - සිංහල කාලීන පරිවර්තනය

8 මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “මෙන්න! ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එසේය, උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කථාකොට: බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 8:8
25 හුවමාරු යොමු  

අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.


එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.


අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.


එලෙසම, රාත්‍රි භෝජනයෙන් පසු, උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන මාගේ ලෙයින් පිහිටු වන අලුත් ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන කල, මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි කී සේක.


භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.


උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ ලෙය මෙයයි.


ඉන්පසු ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලින් එකක් දකින්නට ඔබ ආශා වන කාලයක් පැමිණේ; එහෙත් ඔබ එය දකින්නේ නැත.


මන්ද මෙය බොහෝ දෙනකු උදෙසා, පාප කමාව සඳහා වගුරුවන ලබන ගිවිසුමේ මාගේ ලෙයයි.


මෙමඟින් යේසුස්වහන්සේ වඩා හොඳ ගිවිසුමක ඇපකරුවාණන්ව සිටින සේක.


එහෙත් යේසුස්වහන්සේ ඒ පැරණි එකට වඩා අතිශය උත්තරීතර මෙහෙවරක් අත්කර ගෙන ඇත්තේ, උන්වහන්සේ මැදහත්කම් කරන ගිවිසුම ද වඩා හොඳ එකක් වූ පරිද්දෙනි; මන්ද එය වඩා හොඳ පොරොන්දු මත පිහිටන බැවිනි.


මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත්වූ එකක් කළ සේක. එසේ කල් ඉකුත්වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.


අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්