Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 8:4 - සිංහල කාලීන පරිවර්තනය

4 තවමත් මිහි පිට සිටිනවා නම්, පූජකයකු වීමට උන්වහන්සේට කොහෙත්ම නුපුළුවන. මන්ද දහම් නීතියට අනුව පඬුරු ඔප්පු කරන පූජකයින් සිටින බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එහෙත් ව්‍යවස්ථාව ප්‍රකාර පඬුරු ඔප්පුකරන්නන් සිටින බැවින් උන්වහන්සේ [තවමත්] පොළොවේ සිටිසේක් නම්, උන්වහන්සේට කිසිසේත් පූජකයෙක්ව සිටින්ට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 8:4
11 හුවමාරු යොමු  

මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකුම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධව පත් කර ගනු ලබන්නෙකි.


කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.


ඒ උදෙසා එකම වරක් උන්වහන්සේ තමන්ම පූජා වූ බැවින්, සෙසු උත්තම පූජකයින් මෙන්, පළමුව තමන්ගේ පාප උදෙසාත්, ඉන්පසු ජනතාවගේ පාප උදෙසාත් දිනපතා යාග පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් උන්වහන්සේට නැත.


හැම උත්තම පූජකයෙක්ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය.


මෙය, වත්මන් යුගයට සංඛේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය සම්පූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ.


අනෙක් හැම පූජකයෙක්ම, පාප දුරු කළ නො හැකි එකම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්