Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:8 - සිංහල කාලීන පරිවර්තනය

8 මෙහිදී දසයෙන් කොටස් පිළිගන්නේ මැරෙන සුළු මිනිසුන් ය; එහිදී ජීවත් වන්නේ යයි සාක්ෂි ලැබූ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය; නුමුත් එහිදී ලබන්නේ ජීවත්වන බවට සාක්ෂි ලබන කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:8
12 හුවමාරු යොමු  

මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.


තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.”


ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.


දිගටම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ.


තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත.


මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝස‍ෙස්ගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද?


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.


එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇති සේ ම,


උසස් තැනැත්තා වෙතින් පහත් තැනැත්තා ආශිර්වාද ලබන වග විවාදයෙන් තොර ය.


දසයෙන් කොටස් ලබන්නා වූ ලෙවී පවා ආබ්‍රහම් තුළින් දසයෙන් කොටස ගෙවීයැයි කෙනකු කිව හැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්