Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:3 - සිංහල කාලීන පරිවර්තනය

3 පියකු, මවක හෝ වංශ පරම්පරාවකින් තොර, දින වකවානු පටන් ගැන්මක්, ජීවිතයේ අවසානයක් නො මැති ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන සදාතන පූජකයකුව පැවත සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:3
11 හුවමාරු යොමු  

එවිට, පරීක්ෂාකාරයා ඇවිත්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, රොටි වන ලෙසට මේ ගල්වලට අණ කරන්නැ” යි උන්වහන්සේට කීවේ ය.


එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.


මන්ද සාලෙම්හි රජ්ජුරුවන් වූ මෙම මෙල්කිසදෙක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයාණෝ ය. රජුන් ඝාතන කර, ආපසු එමින් සිටි ආබ්‍රහම් මුණ ගැසුණු ඔහු, ඔහුට ආශිර්වාද කළේ ය.


මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්: “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය” යන්නයි.


ආබ්‍රහම්, තමන් වෙත වූ සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට වෙන් කර දුන්නේ ය. පළමුව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊ ළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය.


එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නකු නො වූ මේ මිනිසා, ආබ්‍රහම්ගෙන් දසයෙන් කොටස පිළිගෙන, පොරොන්දු ලද තැනැත්තා වූ ඔහුට ආශිර්වාද කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්