Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:17 - සිංහල කාලීන පරිවර්තනය

17 මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්: “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය” යන්නයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මක්නිසාද: ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම පූජකයෙක්ව සිටිනසේකැයි උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:17
7 හුවමාරු යොමු  

තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.”


එහෙත් මෙතුමාණන් පූජකයකු කරනු ලැබ ඇත්තේ මෙලෙස පැවසූ තැනැන්වහන්සේගේ දිවුරුමකිනි: “ස්වාමින්වහන්සේ දිවුළ සේක; ස්වකීය සිත වෙනස් නො කරන සේක; ‘ඔබ සදහට ම පූජකයෙක් ය.’ ”


අප කී දෑ වඩාත් පැහැදිලි වන්නේ මෙල්කිසදෙක් හා සමාන වෙනත් පූජකයකු,


මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.


මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.


ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්