Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 3:2 - සිංහල කාලීන පරිවර්තනය

2 දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසීව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 3:2
14 හුවමාරු යොමු  

මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි.


ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.


මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.


කරන්නට ඔබ මට පැවරූ කාරිය සම්පූර්ණ කර, මම පොළොවේදී ඔබ මහිමයට පැමිණ වීමි.


මට ශක්තිය දුන් අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේට මම ස්තුති කරමි. මන්ද උන්වහන්සේ ස්වකීය සේවයට මා පත් කර ගැනීමෙන්, මා විශ්වාසවන්තයෙකැයි ගණන් ගෙන ඇත්තේ,


මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.


මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක.


තමාගේම මතය කතා කරන්නා, තමාගේම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්