Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 12:9 - සිංහල කාලීන පරිවර්තනය

9 ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත්ව, ජීවත් විය යුතු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 12:9
28 හුවමාරු යොමු  

මාංසයෙන් උපදින දේ මාංසිකයි; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මිකයි.


එබැවින් නිසි කල්හි දෙවියන්වහන්සේ ඔබ උසස් කරන පිණිස, උන්වහන්සේගේ පරාක්‍රමවත් හස්තය යටතේ යටත් වන්න.


එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත.


මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාපලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි.


උන්වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ,


එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන්ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු,


“දෙවියන්වහන්සේට බය නො වූ, මිනිසුන් ගැන නො තැකූ විනිශ්චයකරුවෙක් පුරවරයක සිටියා.


“කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්,


මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්