Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:10 - සිංහල කාලීන පරිවර්තනය

10 මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:10
11 හුවමාරු යොමු  

මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු.


එහෙත් අපගේ පුරවැසි භාවය ස්වර්ගයෙහි ය. එහි සිට ගැලවුම්කරුවෙක්, එනම් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ එන තුරු, අපි මග බලා සිටින්නෙමු.


එහෙත් ඔබ පැමිණ ඇත්තේ සියොන් කන්ද වෙතට ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුරවරය වූ ස්වර්ගීය යෙරුසලම වෙතට හා අසංඛ්‍ය වූ දේව දූතයින්ගේ ප්‍රීති ජනක රැස්වීම වෙතට ය;


අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු.


මන්ද හැම ගෘහයක්ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක්ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය.


මාගේ පියාණන්වහන්සේගේ ගෘහයේ බොහෝ නිවහන් තිබේ. එසේ නො වේ නම්, ඔබට ස්ථානයක් සූදානම් කරන්නට මා යනවායයි මා ඔබට කියනවා ද?


තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.


එබැවින් සොලවන්නට බැරි රාජ්‍යයක් අපට ලැබෙන බැවින්, ස්තූතිවන්ත වෙමු. තවද ගෞරවනීයව හා භයින් යුතුව දෙවියන්වහන්සේට පිළිගත මනා නමස්කාරයක් ඔප්පු කරමු.


එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්