Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 10:35 - සිංහල කාලීන පරිවර්තනය

35 එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 10:35
15 හුවමාරු යොමු  

එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිරව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.


එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.


පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉෂ්ට විපාකය දෙස බලා සිටියේ ය.


ප්‍රීතිවන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙසම ය.


එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.


මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.


“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි.


මාගේ ගෝලයකු නිසාම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන්ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”


මන්ද දේව දූතයින් විසින් ප්‍රකාශිත පණිවුඩය වලංගුව, හැම අපරාධයකට හා අකීකරුකමකට නිසි ප්‍රතිවිපාක ලැබුණේ වී නම්,


ක්‍රිස්තුස්වහන්සේ අදහා ගැනීම මඟින්, නිදහසේ, බිය සැක නැතිව ළඟා වීමට උන්වහන්සේ තුළ අපට පුළුවන.


එබැවින් සහෝදරයිනි, යේසුස්වහන්සේගේ ලේ මඟින් ශුද්ධස්ථානයනට ඇතුළු වීමේ සහතිකය අපට තිබෙන බැවින්,


අප ඉටු කළ වැඩ අපතේ නො යවා, ඒ සඳහා සම්පූර්ණ ත්‍යාගය ඔබ ලබන පිණිස පරෙස්සම් වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්