Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 10:20 - සිංහල කාලීන පරිවර්තනය

20 ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 10:20
20 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.


දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි.


දෙවන තිරයට පිටුපසින්, අතිශුද්ධස්ථානය නමින් හැඳින්වුණු දෙවන කොටස විය.


ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි.


ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයටම පිවිසෙයි.


යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි.


දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ හැඳින ගන්නේ මෙලෙසිනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මාංසයෙන් පැමිණි වග පිළිගන්නා ආත්මය දෙවියන්වහන්සේගෙනි.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.


හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩව පැළිණි.


දේව මාලිග තිරය, ඉහළ සිට පහළට දෙකඩව පැළිණි.


එවෙලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතුව පැමිණීම නො පිළිගන්නා රැවටිලිකරුවන් බොහෝ දෙනෙක් ලෝකයට පිටත්ව ගොස් සිටිති. රැවටිලිකරුවා ද ව්‍යාජ-ක්‍රිස්තුස් ද මෙවැනි අය ය.


ආඥා හා නියෝග රැගත් දහම් නීති අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්