Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 9:36 - සිංහල කාලීන පරිවර්තනය

36 ඒ කටහඬ නැවතුණු පසු, එතැන යේසුස්වහන්සේ පමණක් තනිව සිටිනු දක්නා ලදී. මේ දෑ ගැන මුනිවත රකිමින් ඔවුහු තමන් දුටු දෑ ගැන එකල්හිදී කිසිවකුටත් නො පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ඒ හඬ නැඟුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටිනු දක්නා ලදී. ඔව්හු නිහඬ ව සියැසින් දුටු කිසිවක් ඒ දවස්වල දී කිසිවෙකුට නොපැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ඒ හඬ නැඟුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටිනු දක්නා ලදී. ඔව්හු නිහඬ ව සියැසින් දුටු කිසිවක් ඒ දවස්වල දී කිසිවෙකුට නොපැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 ඒ හඬ පැමිණි කල යේසුස්වහන්සේ තනියම සිටිනවා පෙනුණේය. ඔව්හු නිශ්ශබ්දව සිට, තමුන් දුටු දේවලින් කිසිවක් ඒ දවස්වලදී කාටවත් නොකීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:36
4 හුවමාරු යොමු  

ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක.


මන්ද කුමක් කිව යුතු ද කියා ඔහු නො දත්තේ ය. ඔවුන් සිටියේ එතරම් ත්‍රස්තව ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්