Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 8:45 - සිංහල කාලීන පරිවර්තනය

45 “මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ, සියල්ලෝම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 එවිට ජේසුස් වහන්සේ, “මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, “ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 එවිට ජේසුස් වහන්සේ, “මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, “ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:45
5 හුවමාරු යොමු  

නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි.


සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.


යේසුස්වහන්සේ පසුපසින් පැමිණි ඕ, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය; එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි.


උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිලදී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්