Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:42 - සිංහල කාලීන පරිවර්තනය

42 මන්ද දොළොස් හැවිරිදි පමණ වූ ඔහුගේ එකම දියණිය මරණාසන්නව සිටියා ය. උන්වහන්සේ එහි යන අතර ජන සමූහයා උන්වහන්සේ වටා තෙරපුණහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 එසේ කෙළේ දොළොස් වසරක් පමණ වයස් වන ඔහුගේ එක ම දියණියන් මරණාසන්න ව සිටි බැවිනි. උන් වහන්සේ වඩිනා කල සමූහයා උන් වහන්සේ ව තෙරපමින් ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එසේ කෙළේ දොළොස් වසරක් පමණ වයස් වන ඔහුගේ එක ම දියණියන් මරණාසන්න ව සිටි බැවිනි. උන් වහන්සේ වඩිනා කල සමූහයා උන් වහන්සේ ව තෙරපමින් ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:42
15 හුවමාරු යොමු  

“මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ, සියල්ලෝම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය.


උන්වහන්සේ නගර දොරටුවට ළඟා වෙත්ම; මෙන්න! මළ මිනියක් පිටතට ගෙන එමින් තිබිණි. ඒ, වැන්දඹු මවකට සිටි එකම පුත්‍රයා වූ කෙනකුගේ ය. සෑහෙන පිරිසක් නගරයේ සිට ඇය සමඟ ගමන් කළහ.


එබැවින් එක් මිනිසකු මඟින් පාපය ද පාපය මඟින් මරණය ද ලොවට පිවිස, සියල්ලන්ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙතම මරණය පැමිණියේ ය.


උන්වහන්සේ ඔහු සමඟ යන්නට පිටත් වූ සේක. මහා ජන සමූහයක් උන්වහන්සේ පසුපස තෙරපෙමින් ගමන් ගත්හ.


සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය.


දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. තමන් සතු සියල්ල වෙදුන්ට වියදම් කළා වුව ද, කිසිවකුටත් ඇය සුව කළ නො හැකි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්