Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:2 - සිංහල කාලීන පරිවර්තනය

2 යක්ෂාත්ම හා රෝගවලින් සුවය ලද ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් ද උන්වහන්සේ සමඟ වූහ. තමන් කෙරෙන් යකුන් හත්දෙනකු දුරු කරන ලද මග්දලේනා නම් වූ මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 දුෂ්ටාත්මවලින් හා දුර්වලකම්වලින් සුවවුණාවූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සත්දෙනෙක් දුරුව ගියාවූ මග්දලේනා නම් මරියාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:2
11 හුවමාරු යොමු  

සතියේ පළමු දවසේ වේලාසන නැගුටුණු පසු, උන්වහන්සේ පළමු කොට, මග්දලාහි මරියාට පෙනුණු සේක; ඈ උන්වහන්සේ විසින් යක්ෂාත්මයන් සත් දෙනකු දුරු කරන ලද තැනැත්තිය ය.


යේසුස්වහන්සේගේ මෑණියෝ, උන්වහන්සේගේ මෑණියන්ගේ සහෝදරිය, ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා හා මග්දලාහි මරියා යේසුස්වහන්සේගේ කුරුසිය ළඟ සිටගෙන වුන්හ.


මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.


ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.


එහෙත් ගලීලයේ සිට උන්වහන්සේ පසුපස පැමිණි ස්ත්‍රීන් ඇතුළු උන්වහන්සේ දැන සිටි සියල්ලෝ මදක් ඈතින් සිට මේ දේවල් බලා සිටියහ.


විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසුපස ගියහ.


“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. යක්ෂාත්ම සමූහයක්ම ඔහුට ආවේශ ව සිටි බැවින්, “සේනාව” යයි ඔහු පිළිතුරු දුන්නේ ය.


සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්