Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:40 - සිංහල කාලීන පරිවර්තනය

40 එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “සීමොන්, ඔබට කියන්නට යමක් මට තිබේ යැ” යි කී සේක. “කියන්න ගුරුතුමනි” යි ඔහු පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, “ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, “ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන්, නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි ඔහුට කීසේක. ආචාරිනී, කිව මැනවයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:40
16 හුවමාරු යොමු  

ඔබ සියලු දේ දන්නා බවත්, කිසිවකු ඔබෙන් ප්‍රශ්න කරන්නට වුවමනා නැති බවත් දැන් අප දන්නවා. ඔබවහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ වග අප විශ්වාස කරන්නේ එබැවිනැ” යි කීවෝ ය.


ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද?


ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි.


ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.


එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.


එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, අත අප්‍රාණික මිනිසාට, “නැගිට ඇවිත් මෙතැන සිටගන්නැ” යි කී සේක. ඔහු නැගිට එතැන සිට ගත්තේ ය.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි.


යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “ඔබේ හදවත් තුළ ප්‍රශ්න කරන්නේ කිම ද?


ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත.


ඔහු කෙළින්ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.


යේසුස්වහන්සේට ඇරියුම් කළ පරිසියා ඒ දැක, “මුන්නැහේ දිවැසිවරයෙක් නම්, තමන්ට මෙලෙස අත ගසන්නේ කවරෙක් ද, කෙබඳු කෙනෙක්දැයි දැනගත යුතුයි; මැය පව්කාරියකැ” යි තමාටම කියා ගත්තේ ය.


“මුදල් ණයට දෙන කෙනකුට ණයකරුවන් දෙදෙනෙක් සිටියා. කෙනෙක් ඩිනාරි පන්සියයක් ද අනෙකා පනහක් ද ණයව සිටියා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්