Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:39 - සිංහල කාලීන පරිවර්තනය

39 යේසුස්වහන්සේට ඇරියුම් කළ පරිසියා ඒ දැක, “මුන්නැහේ දිවැසිවරයෙක් නම්, තමන්ට මෙලෙස අත ගසන්නේ කවරෙක් ද, කෙබඳු කෙනෙක්දැයි දැනගත යුතුයි; මැය පව්කාරියකැ” යි තමාටම කියා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:39
25 හුවමාරු යොමු  

එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.


එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.


මන්ද දුෂ්ට සිතිවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය,


එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.


ජනයා අතරේ උන්වහන්සේ පිළිබඳ මහ කසුකුසුවක් හට ගත්තේ ය. “ඔහු සත්පුරුෂයෙකැ” යි සමහරු කී අතර, “නැත, ඔහු ජනයා මුළා කරන්නෙකැ” යි අන් සමහරු කීහ.


එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ;


“කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්,


“කළමනාකරු තමාටම මෙසේ කියා ගත්තා, ‘මගේ හාම්පුතා කළමනාකාරකමින් මා පහ කරන නිසා, මා දැන් කුමක් කරන්න ද? පොළොව කොටන්නට මට ශක්තිය නෑ. සිඟාකන්නට ලැජ්ජයි.


එවිට මෙන්න! පව්කාරියක වූ එපුර අඟනක්, උන්වහන්සේ පරිසියාගේ ගෙදර කෑමට වාඩි වූ වග දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙන එහි අවුත්,


පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි.


එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය.


“මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.


“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.


උන්වහන්සේගේ පාමුල, උන්වහන්සේ පිටුපසින් සිට හඬමින්, තම කඳුළින් උන්වහන්සේගේ පා තෙමන්නට වූවා ය. ඉන්පසු තම කෙස් වැටියෙන් ඒවා පිසදැමූ ඕ, උන්වහන්සේගේ පා සිඹ සිඹ සුවඳ දියර ගැල්වූවා ය.


එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “සීමොන්, ඔබට කියන්නට යමක් මට තිබේ යැ” යි කී සේක. “කියන්න ගුරුතුමනි” යි ඔහු පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්