Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:3 - සිංහල කාලීන පරිවර්තනය

3 යේසුස්වහන්සේ ගැන ඇසූ එම සියයේ සෙන්පතියා, පැමිණ තම දාසයා සුව කර දෙන්නැයි ඉල්ලන්නට යුදෙව් වැඩිහිටියන් කීප දෙනකු උන්වහන්සේ වෙත යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙ‍න් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙ‍න් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:3
7 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්,


සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි.


යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්නව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය.


එවිට මෙන්න, පිරිසෙන් කෙනෙක් උන්වහන්සේට මොර ගසමින්, “ගුරුතුමනි, අනේ මගේ පුතා දෙස බලන්නැයි අයදින්නෙමි. මන්ද මොහු මාගේ එකම දරුවායි.


සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය.


සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගීව, මරණාසන්නව සිටියේ ය.


යේසුස්වහන්සේ වෙත පැමිණි ඔවුහු උදක්ම අයදිමින්, “ඔබෙන් උදවු ලබන්නට ඔහු සුදුසුයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්