Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:10 - සිංහල කාලීන පරිවර්තනය

10 ඉන්පසු ඔවුන් හැම සිසාරා බැලූ උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු එසේ කළේ ය; එවිට, ඔහුගේ අත මුළුමනින් ප්‍රකෘතිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටකර බලා, ඔහුට කථාකොට: නුඹේ අත දිගුකරන්නැයි කීසේක. ඔහු එසේ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:10
7 හුවමාරු යොමු  

කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි.


එවිට යේසුස්වහන්සේ “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක.


එවිට යේසුස්වහන්සේ, “මා ඔබෙන් අහන්නේ, සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතයක් ගැලවීම ද? වැනසීම දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.


එවිට කෝපයෙන් පිරුණු ඔවුහු, යේසුස්වහන්සේට කුමක් කරන්නේදැයි තමන් අතර සාකච්ඡා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්