Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:38 - සිංහල කාලීන පරිවර්තනය

38 උන්වහන්සේ නැගිට, සිනගෝගයෙන් පිටත්ව, සීමොන්ගේ නිවසට ගිය සේක. සීමොන්ගේ නැන්දණිය තදබල උණෙන් පෙළෙමින් සිටියෙන්, ඇයට පිහිට වන ලෙස ඔවුහු උන්වහන්සේගෙන් ඉල්ලූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 උන්වහන්සේ සිනගෝගයෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල්වූසේක. සීමොන්ගේ භාර්යාවගේ මවුට බලවත් උණරෝගයක් වැළඳී තිබුණේය; ඔව්හු ඈ උදෙසා උන්වහන්සේට කන්නලව් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:38
9 හුවමාරු යොමු  

දැන් වුවත් ඔබතුමා දෙවියන්වහන්සේගෙන් කවර දෙයක් ඉල්ලුවත්, දෙවියන්වහන්සේ එය ඔබට දෙන වග මා දන්නවා” යි කීවා ය.


සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද?


එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගීව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ.


එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක්ම ඉල්ලූහ.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්