Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:26 - සිංහල කාලීන පරිවර්තනය

26 ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියායනු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඔව්හු උන්වහන්සේ ගෙනයන කල, පිටිසරින් එන කිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලා, යේසුස්වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:26
11 හුවමාරු යොමු  

එහෙත් නිදහස් මිනිස් සිනගෝගය ලෙස හැඳින්වුණු සිනගෝගයට අයිති වූවෝ නැගිට, ස්තේපන්ට එරෙහිව වාද කරන්නට වූහ. ඔවුහු සිරේනියේ හා ඇලෙක්සන්ද්‍රියාවේ ද සිලිසියා හා ආසියා පෙදෙස්වලින් ද පැමිණියෝ වූහ.


ඔවුහු ඒ මිනිසුන් අපෝස්තුලුවරුන් ඉදිරියට පැමිණවූ කල, ඔවුහු යාච්ඤා කර ඔවුන් පිට අත් තැබූහ.


පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනිය අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද


තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය.


ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා.


අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.


කැරලි ගැසීමට හා මිනීමැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.


සැතපුමක් යන්නැයි යමකු ඔබට බල කළහොත්, ඔහු හා සැතපුම් දෙකක්ම යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්