Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:25 - සිංහල කාලීන පරිවර්තනය

25 කැරලි ගැසීමට හා මිනීමැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:25
12 හුවමාරු යොමු  

ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කරදෙන මෙන් ඉල්ලා සිටීමයි.


එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.


“මේ මිනිසා නො වේ; අපට බරබ්බස් දෙන්නැ” යි ඔවුහු යළිත් ඝෝෂා කරන්නට වන්හ. ඒ බරබ්බස් මංකොල්ලකරුවෙකි.


එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.


එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.


ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.


ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය.


ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියායනු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ.


එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය. ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්