Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 21:9 - සිංහල කාලීන පරිවර්තනය

9 යුද්ධ ගැනත්, කැරලි ගැනත් ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මන්ද මේ දේවල් පළමු කොට සිදු විය යුතුව තිබේ. එනමුත් අවසානය එකපාරට සිදුවන්නේ නැතැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:9
13 හුවමාරු යොමු  

ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: “ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත.


මේවා සිදුවන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වගබලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසුපස නො යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්